Saturday, October 1, 2011

මගෙ මුලු ජීවිතේම ඔයයි...

එක දවසක් මං පන්ති යන්න බස් හෝල්ට් එකේ ඉද්දි ලස්සන අහිංසක ගෑණු ලමයෙක් ආව.දැක්ක පලවෙනි දවසෙ මගෙ හිතට ආවෙ මේ අහිංසක පැටිය මගේම වෙනවනම් කියල. තරමට පුරුදු හැඟීමක් මට ආවෙ.එයා එදා ඇඳගෙන හිටියෙ දම් පාට T shirt එකක්.

දවසක් දෙකක් හම්බෙද්දි එයා නැග්ග බස් එකටම මමත් නැග්ග.පුදුමෙ කියන්නෙ අපි දෙන්නම ගියේ එකම පන්තියට.දෙන්න පන්තියට යන්න කලින් පෝලිමේ ඉද්දි මං එයා දිහා බලද්දි එයා මං දිහා බලපු බැල්ම මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.එයා එදා ඇඳගෙන හිටියෙ කලු පාට T shirt එකක්. මං පුදුමයෙන් වගේ බලාගෙන ඉද්දි එයා අවුරුදු ගානක ඉඳන් දන්න කෙනෙක්ට වගේ පුංචිම හිනාවක් එක්ක මාත් එක්ක කතා නොකර හිටියත් මට ඒක දැනුන.

මෙහෙම දින ගෙවිල යද්දි දවසක් උදේ බස් හෝල්ට් එකට එයා ආවම කොහොමහරි කතා කරන්න ඕනි කියල හිතුන.මෙහෙම කතා කරල පුරුද්දක් තිබ්බෙ නැති උනත් එදා මගේ හිතට පුදුම ධෛර්යක් ආවේ.පුරුදු එක්කෙනෙක් එක්ක කතා කරනව වගේ දැනුනෙ.පුදුම ලෙන්ගතුකමක් අපි දෙන්නටම දැනුනෙ.මං ඉස්සෙල්ලම ඇහුවෙ

"ඔයා පින්නපොල සර්ගෙ පන්තියට නේද යන්නේ ".කියල

ඊට පස්සෙ තවත්  ප්‍රශ්න දෙක තුනක් අහල දෙන්නම එකම බස් එකේ නැගල පන්තියට ගියා. ඊට පස්සෙ ටික දවසක් උදේට Good Morning කියල හිනාඋනා. වෙලාවට කතා නොකර හිනා උනා විතරක් උනාට හිනාවේ නොකී වචන දහසක් තිබ්බ.

දවසක් පන්තිය ඉවර වෙලා බස් එකක් එනකන් මගෙ යාලුවො දෙන්නෙකුත් එක්ක ඉද්දි එයත් බස් එකට නගින්න ආව.ඊට පස්සෙ ආව බස් එකට ඔක්කොම නැග්ග.එයාට එහ පැත්තෙ ඉඩ තිබ්බ.යාලුවො දෙන්නත් කීව ගිහින් වාඩි වෙන්න කියල.ඒත් මට පොඩි ලැජ්ජාවක් වගේම පොඩි බයකුත් ආව.ඒත් එක්කම ආච්චි කෙනෙක් ඇවිත් එතනින් ඉඳගත්ත.මගෙ හිතට පොඩි දුකකුත් ආව.මං හිතුව ආච්චි නැගිට්ට ගමන් මම එතන ගිහින් ඉඳගන්නව කියල.එහෙම හිතල විනාඩියක්වත් ගියේ නෑ ආච්චි නැගිටල ගියා. ඒකනම් පුදුම වැඩක් තමයි.මම ටක්ගාල ගිහින් ඉඳගෙනත් ඉවර වෙලා එයාගෙන් ඇහුව

"මම මෙතන ඉඳගත්තට කමක් නැද්ද " කියල.

එයා හිනාවෙල කීව  "කමක් නෑ" කියල.

එදා මං එයාගෙන් පුදුම  ප්‍රශ්න ගොඩක් ඇහුවෙ.එදා තමයි එයාගෙ නම දැනගත්තෙත්

පවනි  තමා එයාගෙ නම.

එදත් එයා ඇඳගෙන හිටියෙ කලු T shirt එකක්..( මං හැම වෙලාවෙම ඇඳගෙන හිටපු ඇඳුම ගැන කියන්නෙත් මොකද කියල හිතනවත් ඇති.එහෙම කියන්නෙ මට එයාව තරමට මතකයි. මට කවදාවත් ඒව අමතක වෙන්න නෑ. මට හැමදෙයක්ම අද උනා වගේ මතකයි.ඇස් දෙක වහගත්තම හැමදේම මැවිල පේනව.)

එදයින් පස්සෙ මගේ හිත මටත් හොරෙන්ම පුංචි බලපොරොත්තු ගොඩාක් පොදි බැඳගෙන.ඊට පස්සෙ අපි දෙන්න ටිකෙන් ටික ලං උනා.

දවසක් උදේ මං මගෙ පරණ විස්තර ඔක්කොම කීව.මං වගේම ඒව අහල එයත් දුක් උනා කියල එයාගෙ ඇස් දිහා බැලුවම මට තේරුනා

දවසක් මට පන්තියට එන්න පරක්කු උනා.පන්තියේ හරියට ඉඳගන්න තැනක් හොයගන්න අමාරු වෙච්ච නිසා එදා මුලින් කරපු ටික ලියාගන්න බැරි උනා.හවස කොහොමහරි පවනි යන බස් එකට නැග්ගත් එයාගාව ඉඳගන්න සීට් එකක් තිබ්බෙ නෑ.මුලදි එයාට පිටිපස්සෙන් එහාපැත්තෙ සීට් එහෙක ඉඳගත්තත් සෙනග පිරුන නිසා මං එයා ගාවට ගිහින් හිටගත්ත.මගදි මට එයා ගාව සීට් එක හම්බුනා.

පොඩ්ඩක් කතා කරල මම එයාගෙන් පන්තියේ පොත ඉල්ලුව.එයත් කැමැත්තෙන්ම පොත දුන්න.මම පොත පෙරලන්න හදන්නෙ කියල එයාට තේරෙන්නත් ඇති (පස්සෙ අපි දෙන්න මේව මතක් කර කර කොච්චර හිනා උනාද.)
මම ඊට පස්සෙ පොත පන්තියේ ඊලඟ දවසට කලින් දෙන්න විදිහක් ගැන කතා කරා.

එයා කීව "කමක් නෑ ඊලග දවසෙ දෙන්න "කියල.

ඊට පස්සෙ මම කීව "ඔයාට පාඩම් කරන්නත් තියෙන නිසා මම කලින් දවසක දෙන්නම් ඔයාගෙ Phone No එක දෙන්න කියල."

මං හිතුවෙ දෙන්නෙ නැතිවෙයි කියල.ඒත් මගෙන් ගැලවීමක් නැති නිසාද කොහෙද  Phone No එකත් දුන්න


 එදා මම පොත ඇරන් ගිහින් ලියන ගමන් එයාට යවපු පලවෙනි මැසේජ් එක දැම්ම.මට වගේ එයාටත් අද වගේ මතකයි ඒකෙ තිබ දේ.

"මම ඔයාගෙ පොත ඇරන් නෝට් එක ලියන ගමන් ඔයාව මතක් උනා....." 

එදා මට රෙප්ලයි එකක් ආවෙ නෑ.මම හිතුව එහෙනම් මෙයාට කොල්ලෙක්වත් ඇති කියල.ගොඩාක් දුක හිතුනත් මොනා කරන්න.මමත් සද්ද නැතුව හිටිය.

මෙන්න දවස් 3 පස්සෙ reply එකක් ආව.මට පුදුම සතුටක් ආවෙ.එදා ඉඳන් ටික ටික දෙන්නම msg කරන්න ගත්ත.මට දැනුනෙ ආත්ම ගානක ඉඳන් දන්න කෙනෙක් එක්ක කතාකරනව වගේ.මට වචන වලින් විස්තර කරන්න බැරි තරම් ලෙන්ගතුකමක් දැනුනෙ මට. මට කියන්නෙවත් නැතුව මගෙ හිත ආදරෙන් බැඳිල ඉන්නෙ.

එහෙම ඉද්දි එක දවසක් රෑ මං ජීවිතේ අහපු වේදනාකාරි දෙයක් අහන්න හම්බුනා එයාගෙන් 

"අපි හිතන හැමදේම හරි නෑ මල්ලි

මට අදහගන්නත් බැරි උනා.එයාව දැක්කම මං හිතුවෙ පොඩි නංගි කෙනෙක් කියල.පන්තියට එද්දි හිතුවෙ මගේම වයසෙ වෙන්න ඇති කියල.එයාව දකින කාටවත් එයාගෙ වයස කියන්න බෑ.එදා රෑ හිතුවෙ මට වැඩිය අවුරුද්දක් වැඩිමල් කියල.එදා රෑ මම එයාට පලවෙනි සහ අන්තිම වතාවට ගුඩ් නයිට් අක්කා කියල msg කරා.එහෙම කරේ ආය මාත් එක්ක කතා කරන එකක් නැතිවෙයි කියල හිතල.ඒ  රාත්‍රිය මං ගතකරපු වේදනාවෙන් පිරුනු දීර්ගතම රෑ වලින් එකක්.එදා රෑ මට හරියට නින්ද ගියෙත් නෑ.මොකද මම ආපහු එන්න බැරි තරම් දුරක් එයා එක්ක මගෙ හිතින් ඇවිත් තිබුනෙ.

පහුවෙනිද හම්බුනාම දෙන්නගෙම ඇස්වල කියාගන්න බැරි වේදනාවකින් පිරිල තිබ්බෙ.එදා තමයි මන් දැනගත්තෙ එයා මට වැඩිය අවුරුදු 2ක් වැඩිමල් කියල.මගෙ කකුල් දෙකත් එක්ක පන නැතිව ගියා.මොනදේටත් වැඩිය මගෙ ආදරේ මට වැඩියෙන්ම දැනුන.ඒත් අපි දෙන්න වෙනද වගේම msg කරා.

මෙහෙම ටික දවසක් යද්දි මම එයාගෙ පලමු ආදරේ උනා.අපි දෙන්නගේ බැදීම මෙ ලෝකෙ තියෙන ලොකුම බැඳීම උනා.එදා පටන් මගෙ ජීවිතේ සතුටෙන්ම ගත කරපු කාලය ආව.මං දැන් කොහොමද කියන්නෙ ආදරේ වචන වලින්.එයාගෙ හුරතල් කතාව, මට ආදරේට මැණික කියද්දි කියල නිම කරන්න බැරි තරම් ආදරයක් හිතට දැනුන.මං ගැන හැමවෙලේම හොයල බැලුව.මං මෙ ලෝකෙ ඉන්න අනිත් අයට වැඩිය වෙනස් කියල මම දන්නව.මං මුරන්ඩුයි,නපුරුයි,තරහ යනව.මෙ හැමදෙයක්ම මගෙ පැටිය ඉවසගෙන ආදරෙන් හිටිය.මට තරහ ගියාම මගෙ තරහ නැති කරන්න දන්නෙ එයා විතරයි.මොනදේ උනත් මාව හිනස්සල සතුටෙන් තිබ්බා. මේ ලෝකෙන් මාව හොදටම තේරුම් ගත්තෙ එයා විතරක් නිසා. මාත් වගේම මගෙ මැණිකට ආදරේ කරා.මං කියන කතා වලට එයත් හරිම සතුටෙන් හිටියෙ.එයාට තරහ ගියාමත් දුකින් ඉද්දිත් එයාව තෙරුම් ඇරගෙන එයාව සතුටෙන් තිබ්බ හැම වෙලාවකදිම.මගේ අම්ම තාත්තට පස්සෙ මං මේ තරම් කාටවත් ආදරේ කරලත් නෑ.ආය කවමදාවත් කරන්නත් බෑ.


අපි දෙන්න ඉස්සෙලම ගියේ දළදා මාලිගාවට.එදා ගිහින් එයාගෙ ඔලුවෙ අත තියල දිවුරන්න කීව ආයෙමත් බොන්නෙ නෑ කියල.අයෙමත් පිස්සු වැඩ කරන්නෙත් නෑ කියල.දළදා හාමුදුරුවො ඉස්සරහ මම පොරොන්දු උනා.අපි දෙන්නගෙ බැඳීම තරම් බැඳීමක් මේ මුලු ලෝකෙම නැතුව ඇති.

රණ්ඩු උනත් තරහ උනත් වෙලාවෙන් පස්සෙ දෙන්න ආයෙමත් සතුටෙන් හිටිය.මං දන්නව මාත් එක්ක රණ්ඩු වෙලා තරහ උනාම එයාට උන ගන්නව. තරමට එයා මට ආදරේ. එයා කියන හුරතල් කතාවලට, වෙලාවකට මට සැරදාන එක, ඔක්කොටෝම වැඩිය මාව උදේන්ම ඇහරවන එක මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.දවසක් මං බැනල තරහ වෙලා මාව ඇහැරවන්නෙ නැතුව හිටිය.එදා මට ඇහැරුනත් phone එක දිහා බල බල අයෙමත් නිදාගත්ත එයා මාව ඇහැරවයි කියල.මං රණ්ඩු උනාට මන් ආසයි මාව එහෙම උදේට ඇහැරවන එකට.

උදේට ඇහැරවන එක ගැන කියද්දි මට මේ සිද්දියත් මතක් වෙනව.දවසක් කීව උදේ එයා ring කරාම මට ආපහු පෙරලා ring කරන්න කියල.

මම වෙලාවෙ කිවා "අපෝ මට උදේ පාන්දර කසිප්පු පෙරන්න බෑ" කියල.

මං දන්නව මේව මතක් වෙද්දිත් එයාටත් තනියම හිනා යනව කියල.මට තාමත් එයා කියපු කතා මතක් වෙද්දි තනියම හිනා යනව.

දවසක් වෙච්ච දෙයක් නිසා මම රෑ එලි වෙනකන් කතා කරල බැන බැන මමත් ඇඬුව.දැන්නම් ඒව මතක් වෙද්දි දෙන්නටම හිනාවක් මිස දුකක් එන්න නෑA Level ලං වෙද්දි එයා ආපහු ගෙදර යන දවසත් ලං උනා.අන්තිම පන්ති දවසෙ මම එයාට මුද්දක් දැන්ම.





එදා බස් එකෙන් බහිද්දි නැගිටිද්දි  "අනේ කසුන්.." කියල මගෙ අත බදාගත්ත හැටි මට අද වගේ මතකයි.

එදා මම හිත කොහොමහරි තද කරගෙන බස් එකෙන් බැස්සෙ.මං එක පාරක් හරි නැවතිල නැවතුනානම් බස් එක මැද අඬන එක නවත්තන්න කාටවත්ම බැරි වෙනව.එදා ගෙදර ගියපු ගමන් දෙන්නම කෝල් කරල කොච්චර වෙලා ඇඬුවද කියල මට මතක නෑ. සතුට වගේම දුකත් මට  යා ලගදි නිමෙන්නේ කිරි දරුවෙක් හැම මොහොතෙම අම්මගේඋණුසුම සොයන්නා වගේ .ආයෙමත් දකින්න බැරිවෙයි කියල හිතුවට පහු වෙනිද එයාව දකින්න හම්බුනා එයාගෙ බෝඩිම ගාවදි.එයා බෝඩිම උඩ ඉඳන් කෝල් කරා.මම පාරෙ ඉඳන් කතා කරා.එදා එයා ඇඳගෙන හිටියෙ සුදු පාට T shirt එකක්.ඊට පස්සෙ එයාව මතක් වෙන්න මම එයාගෙ පැන්සල් පෙට්ටිය ඉල්ල ගත්ත.තාමත් මන් ගාව ඒක තියෙනව.මම A Level ලියන්නත් ඇරගෙන ගියේ ඒක. මේ තරම් ආදරයක් ගැන කාටවත්ම හිතාගන්න බෑ...

A Level ඉවර වෙලා මගෙ පැටිය ආපහු ආව නුවර computer nd english පන්ති යන්න.අපි දෙන්න ආයෙමත් ඉස්සර වගේම සතුටෙන් හිටියා.කොච්චර රණ්ඩු උනත් එයාට මාව නැතුව බෑ මටත් එයාව නැතුව බෑ.මං දන්නව මට වැඩිය කඳුලු හැලුවෙ එයා.එයා ඒ තරමටම අහිංසකයි.කරුණාවන්තයි.මට එයාගෙ හොඳ කියනවනම් ලියන්න ඉඩ මදි මෙතන.ඒ තරම් හොඳ ගතිගුන මං දැකල නෑ.පවනි කියන්නෙ මිනිස් වේශයකින් මේ ලෝකෙට ආපු දේවතාවියක් කියල මට දැනුනෙ.ඒ තරමට එයා හොඳයි

අපි දෙන්න වැඩිපුරම ගියේ මාළිගාවට උනත් ඒ කාලෙ දෙපාරක් පේරාදෙණි පාර්ක් එකට ගියා.ඒ ගියපු වෙලාවක මම පස්ස වන වන නටපු හැටි මතක් කරල එයා තාමත් හිනා වෙනව.ඒ තරම් සුන්දර අතීතයක් අපි දෙන්නට තිබුනෙ. මට මගෙ පැටිය වටිනාකම කියන්න බැරි මැණිකක්.

මෙහෙම ඉද්දි එයාගෙ අම්මට ලෙඩවෙලා ආපහු ගෙදර යන්න හිටියෙ.ඊට කලින් අපි දෙන්නම මාළිගාවෙ ගිහින් වැව රවුමට වෙලා හිටියා.දෙන්නගෙම ඇස්වල කඳුලු.ඊට පස්සෙ එයා ගෙදර ගියා.ආඩරෙ වැඩිකමට අපි ඩෙන්න රන්ඩු උනා.ගොඩාක් කාලයක් කතා නොකර හිටිය.මට දැන් තමයි මම කරපු මෝඩ වැඩවල පව්කාරකම තේරෙන්නෙ.මං මගෙ ජිවිතේ තියෙනකන් පසු තැවෙයි මේවට.


එක දවසක් එයා කතාකරල කීව එයාගෙන් අයිය කෙනෙක් යාලුවෙන්න අහනව මොකද කරන්නෙ කියල.මටත් කිසි දෙයක් හිතාගන්න බැරි උනා.ඒ වෙලාවෙ කීව හොඳට හොයල බලල තීරණයක් ගන්න කීවත් පස්සෙ තමයි මට තේරුනේ මං නැති කරගත්තෙ මගෙ ජීවිතේ නේද කියල.මං ආයෙමත් බොන්න පටන් ගත්ත.පිස්සෙක් වගේ ජීවත් උනා.

 එක දවසක් මම බීල ත්‍රීවීල් එකෙන් ආව. එදා රෑ කෝල් කරාම මම වෙරි මරගාතෙ ඒකත් කියල. 

පස්සෙ දවසක් මම එයාගෙන් කෑවද බීවද හුවම  "ඔව් කෑව බීල ත්‍රීවිල් එකෙ ආව"කීව. 

මාව හැමවෙලේම හිනස්සල සතුටෙන් තිබ්බ මගෙ මැණික. මගෙ වස්තුවට මං මෙහෙම පිස්සෙක් වගේ ඉන්නව දරාගන්න බැරි උනා.ඒ අයියත් එක්ක තිබ්බ සම්බන්දෙත් එහෙම්ම නැතිවෙලා ගියා.



ඔහොම ටික දවසක් යද්දි මගෙ ජීවිතේ මට හැදුන දරුණුම ලෙඩේ හැදුන.සතියක් ආසිරි එකේ ඩෙංගු හැදිල හිටිය.මං වගේම හැමෝම හිතුවෙ මං මැරිල යයි කියල.මොකද අන්තිම මොහොත වෙනකන් මගෙ ලෙඩේ ඇත්තටම හොයගන්න බැරුව හිටියෙ.ලෙඩේ දන්නෙ නැතුව බෙහෙත් කරන්නත් බැහැනෙ.දවසින් දවස blood count එක අඩු උනා.හැමදේම උනේ මං ගොඩ එන පැත්තට නෙවෙයි.මට ලේ දෙන්නයි ICU දානත් ඔකොම ලෑස්ති කරල තිබ්බෙ.මගෙ පෙර පිනකට දෙවියො වගේම දළදා හාමුදුරුවො මං දිහා බලල අන්තිම මොහොතෙ මාව බේරගත්ත.මං ජිවිතේ දෙවෙනි වතාවට ඉපදුන.ඒ වෙනකොට මන් බාගෙට මැරිල හිටියෙ.

මැරෙන්න යන එක කොයි වගේ දෙයක්ද කියල මට දැනුනෙ ඒ වෙලාවෙ. මැරෙන්න යද්දි තමා තේරෙන්නෙ මේ ලෝකෙ දාල යන්න බැරි ඇයි කියල.මගෙ රත්තරන් අම්ම තාත්ත ඇරුනම මගෙ ජීවිතේ මට ඒ වෙලාවෙ දාල යන්න බැරිම කෙනා උනේ මගෙ වස්තුව පවනි.මට මැරෙන්න කලින් එක පාරක් එයාගෙ මූන බලන්න ඔනි උනා.කියන්න තේරෙන්න නෑ ඒ වෙලාවෙ මම  පත් උන තත්වෙ.මම බැරිවෙලාවත් මැරුනොත් ඔයාට මොකද වෙන්නෙ කියල මට හිතුන.මගෙ වස්තුවව බලාගන්නෙ කව්ද කියල මං හිතුව.මං පුදුම විදිහකට කල්පන කරේ.මං මේව කීවොත් එයාගෙන් හොදටම බැනුම් අහගන්න වෙනව කියල මම දන්නව.මොකද මං එහෙම කියනව තියා හිතනවටවත් කැමති නෑ එයා.

මෙහෙම ඉද්දි තමා අපි දෙන්න ලොකු රන්ඩුවක් උනේ.එදා එයා කවදාවත් කියපු නැති දේවල් කීව.මට දරාගන්න බැරි උනා.මං හිතපුවයි එයා කියපුවයි ඔක්කොම එකතුවෙලා මම එයාගෙන් ඈත් වෙලා එයාටවත් හොයාගන්න බැරි විදිහට යන්න ගියේ.මං හිතුවෙ මට වයිර කරල එයාව ආදරෙන් බලාගන්න කෙනෙක් එක්ක සතුටෙන් ඉදීවි කියල.ඒත් මං කරපු දේ ගැන අදටත් දුක් වෙනව.මම කවමදාකවත් මට සමාවක් දෙන්නෙ නෑ මම කරපු දේට.ඒක තමා මම ජිවිතේ ගත්ත වැරදිම තීරනේ. 

මං දන්නව කවමදාකවත් එයාට මම තරම් ආදරේ කරන කෙනෙක්වත් මට එයා තරම් ආදරේ කරන කෙනෙක්වත් හම්බවෙන්නෙ නෑ කියල. ඒ වගේම අපි දෙන්නත් අපි දෙන්නට කරා තර ආදරයක් වෙන කාටවත් කරන්නත් බෑ කියල.මෙහෙම වෙන්න අපි දෙන්න කරපු පවනම් මට හිතාගන්න බෑ. මගෙ හැම සුසුමකම මගෙ ඇගේ තියෙන හැම ලේ බින්දුවකම ඉන්නෙ මගෙ පවනි විතරයි. අපි දෙන්නගෙ ආදරේ අපි දෙන්න නිවන් දකිනනම්ම සදාකාලිකයි. ප්‍රාර්ථනා කරනව.ලෙඩ වෙලා හොඳ උනාට පස්සෙ මම නුවර යන හැම පාරකම වගේ දළදා හමුදුරුවො වදින්න යනව.ඒ යන හැම වෙලාවකම මගෙ ප්‍රාර්ථනාව උපදින හැම ආත්මයකම මම ඔයාගෙ ඔයා මගෙ වෙලා අපි දෙන්න එකතු වෙලා සතුටෙන් ජිවත් වෙන්න ලැබේව කියල.

මං හැමදාටම ඔයාගෙ පවනි.හැමදාමත් මම ඔයාට මේ වගේම ආදරෙන් ඉන්නව.












0 comments:

Post a Comment

කස්සා. Powered by Blogger.