Tuesday, June 21, 2011

බ්ලොග් එකට චැට් බොක්ස් එකක් " chatroll "


  • මොකද්ද මේ chatroll

    chatroll කියන්නෙ ඔයාලගෙ බ්ලොග් එකට හෝ වෙබ් සයිට් එකට දාන්න පුලුවන් චැට් බොක්ස් එකක්.මේක FREE දෙන සේවාවක්. මේකෙ තියෙන විශේෂය තමයි ඔයාලගෙ facebook හරි twitter account එකෙන් ලොග් වෙන්න පුලුවන්කම.ඒ වගේම chatroll account එකකින් ලොග් වෙන්න පුලුවන්.නැත්නම් account එකක් නැති ඕනිම කෙනෙක්ට උනත් ලොග් වෙලා චැට් කරන්න පුලුවන් විදිහට settings හදන්න පුලුවන්.හැබයි ඉතින් ආරක්ෂිත ක්‍රමය තමයි facebook,twitter or chatroll account එහෙකින් ලොග් වෙන්න පුලුවන් විදිහට settings හදන එක.


    මෙතනින් click කරල ලැබෙන උපදෙස් පිලිපැදල ඔයාලත් chatroll බ්ලොග් එකට හෝ වෙබ් එකට එකතු කරගන්න


    • chatroll ගැන වැඩි විස්තර මෙතන click කරල බලන්න

      මොකක් හරි ගැටලුවක් අවොත් මගෙන් අහන්න :)



      Thursday, June 16, 2011

      ඉස්සර සින්දු ඇයි මෙච්චර හිතට වදින්නෙ

      මගෙ විනොදාංශයක් තමයි සින්දු එකතු කරන එක.... ඉතින් ලස්සන සින්දු අහන එක මන් පුලුවන් හැම වෙලාවෙම කරනව..... ඒ වගෙම සින්දුවල ලස්සන රූප රචනා බලන එකටත්... මං ආසයි......ඒත් ඉස්සර සින්දුයි දැන් කාලෙ තියෙන සින්දුයි අතරෙ ලොකු වෙසක් මටනම් දැනෙනව......
                                             ඉස්සර සින්දුවක් ඇස් දෙක වහගෙන අහද්දි.....මං නම් වෙනම ලෝකෙකට යනව....  ඒ සින්දුවෙ තියෙන දෙ මගෙ ජීවිතේට සම්බන්දයිනම් මං ඒ සිදුවෙ අතරමං වෙනව......
                                                ඇස් දෙක පියගත්තම..... මට හැමැදේම චිත්‍රපටයක් බලනව වගෙ එකින් එක මැවිල පෙනවා......සමහර වෙලවට සින්දුවෙ කිසිම දෙයක් මට ගැලපෙන්නෙ නැති උනත්..... ඒ සින්දුව අහද්දි මැවෙන්නෙ වෙනම ලොකයක්.....         
                       සින්දුවල වචනයි සින්දුවෙ තනුවයි එකට ගැලපෙන්නෙ පුදුම විදිහකට.......මං සංගීතය ගැන වැඩිය දන්නෙ නම් නෑ, .....ඒත් ඉස්සර සින්දුවලට කෙනෙක්ගෙ හදවතට කතකරන්න තරම් පුලුවන් තරම් මහ අමුතු බලයක් තියෙනව.....
                   මං මූඩ් ගහපු වෙලාවට ඉස්සෙල්ලම කරන්නෙ සින්දු අහන එක.....එතකොත පුදුම විදිහට හිත සැහැල්ලු වෙන්නෙ.පරණ සින්දු වලට තමයි එහෙම කරන්න පුලුවන් අමුතු බලය තියෙන්නෙ.......අලුත් සමහර සින්දු ඒ වගේ....... ඒත් අද කාලෙ ඒ වගේ සින්දු හැදෙනව අඩුයි.
                                    ඉස්සර ගොඩාක් සින්දුවල තේරුම පිටින් පෙන දේට වඩ සම්පුර්නයෙන් වෙනස්.........මන් නම් ගොඩාක් ආසයි ඉස්සර සින්දුවල තේරුම්  හොයන්න....ඒ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ.

      චන්ද්‍ර ග්‍රහනය අස්සෙ දැක්ක හොල්මන්

      ඊයෙ,   ඒ කියන්නෙ ජුනි මාසෙ 15 රෑ. වෙලාව නම්.... 1ට විතර ඇති. එහෙනම් ජුනි 16 වෙනිද පාන්දර නේද......?  ඒ කියන්න අද උදේ.
                             අවුරුදු ගානකට පස්සෙ පූර්න චන්ද්‍ර ග්‍රහනයක් තිබ්බනෙ.නිවාඩු පාඩුවෙ වෙන කරන්න වැඩකුත් නැති නිසා ඉතින් ඒකවත් බලන්න එලි බැස්ස...
       එලි බැස්සට මොකද අහසෙ මොකවත් නෑ...............මන් හිතුව එහෙනම්...... හඳ ඔක්කොම වැහිල මරේ........ මරු වැඩේ..... කියල.ඒත්.... හඳ නැත්නම් තරුවත් පේන්න එපැයි........ම්ම්....ම්ම්ම්....... ටිකක් වෙලා ගියාට පස්සෙනෙ වැඩේ තේරුනෙ.      
                       අහස පුරාවට වළාකුලු......... දැන් මොකක් කරන්නද..........අපි ඉතින් වලක් කැපුවොත් ඒකෙත් ගෙම්බො කීවලු.......ඔන්න ටික වෙලවක් ඉද්දි හොඳ......... හුලන් පාරක් ඇවිත් වළාකුලු ටික එහ මෙහ උනා. 
      ෂා............ දැන්නම් ඇත්තටම පෙනුන.......හඳ ඒ වෙලාවෙ පෙනුනෙ තද තැඹිලි පාටයි.... දුඹුරු පාටයි.... වගේ පාටකින්.

                     ඔයාල ගූගල්.කොම් ගියානම් ඒකෙ තිබ්බ මූන් ලූනර් එක්ලිප්ස් ගැජ්ට් එකේ හරි මැදට යද්දි පෙනුන වගේ.....මාර...... ලස්සනයි......අමුතුම ග්‍රහ ලෝකයක් වගේ.

                           ඉතින් වළාකුලු ටික ගියාට පස්සෙ කට්ට කලුවරේ තිබ්බ වටපිටාව පෝඩ්ඩක් විතර එලිය වැටුන.........
              ඉතින් අපෙ ගෙදර බැම්ම එහා පැත්තෙ තියෙන්නෙ එහා ගෙදර මැන්ගුස් ගහ............ගහ ගැනනම් කතාකරල වැඩක් නෑ......මැන්ගුස් හැදෙන කාලෙට ගහ ඉතින් අපෙ වගේ තමයි............දැන් මැන්ගුස් ගෙඩි හැදීගෙන එන කාලෙ.

                     මං ඉතින් ගහ පැත්ත බැලුව........ගහ මැද හරියෙ අතු අස්සෙ සුදුපාට ඇදුමක් ඇඳගත්තු කවුරුහරි ඉන්නව........හෙල්ලෙන්නෙත් නෑ..........මගෙ මුලු ඇඟම සීතල වෙල ගියා..........පපුව නිකන් කෝච්චියක් වගේ ගැහෙනව..........මට දැන් මැන්ගුස් ගහ පේන්නෙ මහ මූසල පාටට..........කලුවරෙ හරියට පේන්නෙත් නෑ.ඒ මදිවට ගහෙ අතුවලටත් වැහිල..........

                       මට දැන්නම් ඉන්න තැනත් අමතකවෙලා....දැන් ගහ පැත්ත බලන්නත් බෑ වගේ.....නොබලත් බෑ.........මගේ අතේ ෆෝන් එක තිබ්බ..ෆෝන් එකේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් එලියයිනෙ.....මන් ස්ක්‍රීන් එක පැත්ත ගහට අල්ලල බැලුව..............ඒත් පෙන්නෙ නෑ......එලිය මදි.

                  මට මොකක් කරන්නද කියල හිතාගන්න බෑ.එතකොට තමා මතක් උනේ ෆෝන් එකෙන් පොටෝ එකක් ගැහුවනම් හරිනෙ කියල......මන් ටක් ගාල පොටෝ එක ගෙහුව.....
      .
                 අම්මෝ...!!!!!!!!!      ෆ්ලෑෂර් එක වදිදිම මන් දැක්ක මොන යකාද ඉන්නෙ කියල.

             අපොයි දෙයියනේ.....!!!!         වෙසක් කුඩුවක්........ මොනව උනත් දැන් නම් මම දන්නව වෙසක් කුඩුව හොල්මනක් නෙමෙයි කියල..........  මේක මට අත්තටම උන දෙයක්. 


                   මහ රෑ 1යි කියන්නෙ...... නිදිමතත් ලාවට වගෙ තියන හිතත් පොඩ්ඩක් ගැස්සෙන වෙලවනෙ......... .මම තියෙන්නෙ මොකක්ද කියල බලන්නෙ නතුව ගියා නම්...... ඩෙෆා........... මට හෙට නූල් බදින්න වෙනව.  තැනට සුදුසු නුවණ තිබුන හින්ද මාව යන්තම් බේරුන  (එහෙම නුවණක් නැති උනත් ඉතින් තියනව වගේ පෙන්නන්න ඕනිනෙ )

                       මොන හොල්මනක් උනත් බයේ හරි බලපු නිසා හොල්මන වෙසක් කුදුවක් කියල දැක්ක............ මේ වගේ බොරු දෙවල් වලට බය වෙලා නූල් බැදපු අය කොච්චර නම් ඇද්ද......??? 

                 සමහර වෙලාවට අපෙ ඇසුත් අපිව රවට්ටනවනෙ නේද........???  තනියම ඉන්නෙ මේවගෙ වෙලාවට කලුවරත් එකතු වෙල හිත ගැස්සුනම ආයෙ ඉතින් වෙන මොනත් ඕනෙ නෑ තොවිල‍යක් ඇරෙන්න......... 

      අනේ අපොයි...!!!

      Monday, June 13, 2011

      පායා ආ සඳ

      පායා ආ සඳ අඳුරු වළාවෙන්
      මා ඉදිරියෙ දිම වැසුනා
      ශෝකය තාපය පාලුව අතරේ
      ඉකිබිඳ හැඬුවා ඇසුනා

       හද විමනේ බිතු සිතුවම්
      කිලිටි කලේ ඔබෙ දෑතයි
      නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
      දෑත දෙපය මගෙ සීතයි

      ඔබ පැමිණී ඔබම ගියා
      නැවතුන තැන මම ඉන්නම්
      මගෙ සහයෝගය පතන වෙලාවෙ
      කොහෙ සිට හෝ යලි එන්නම්

      ගීතය ගායනා කලේ මිල්ටන් මල්ලවාරච්චි ශූරීන්



      Music
      කස්සා. Powered by Blogger.