Thursday, June 16, 2011

ඉස්සර සින්දු ඇයි මෙච්චර හිතට වදින්නෙ

මගෙ විනොදාංශයක් තමයි සින්දු එකතු කරන එක.... ඉතින් ලස්සන සින්දු අහන එක මන් පුලුවන් හැම වෙලාවෙම කරනව..... ඒ වගෙම සින්දුවල ලස්සන රූප රචනා බලන එකටත්... මං ආසයි......ඒත් ඉස්සර සින්දුයි දැන් කාලෙ තියෙන සින්දුයි අතරෙ ලොකු වෙසක් මටනම් දැනෙනව......
                                       ඉස්සර සින්දුවක් ඇස් දෙක වහගෙන අහද්දි.....මං නම් වෙනම ලෝකෙකට යනව....  ඒ සින්දුවෙ තියෙන දෙ මගෙ ජීවිතේට සම්බන්දයිනම් මං ඒ සිදුවෙ අතරමං වෙනව......
                                          ඇස් දෙක පියගත්තම..... මට හැමැදේම චිත්‍රපටයක් බලනව වගෙ එකින් එක මැවිල පෙනවා......සමහර වෙලවට සින්දුවෙ කිසිම දෙයක් මට ගැලපෙන්නෙ නැති උනත්..... ඒ සින්දුව අහද්දි මැවෙන්නෙ වෙනම ලොකයක්.....         
                 සින්දුවල වචනයි සින්දුවෙ තනුවයි එකට ගැලපෙන්නෙ පුදුම විදිහකට.......මං සංගීතය ගැන වැඩිය දන්නෙ නම් නෑ, .....ඒත් ඉස්සර සින්දුවලට කෙනෙක්ගෙ හදවතට කතකරන්න තරම් පුලුවන් තරම් මහ අමුතු බලයක් තියෙනව.....
             මං මූඩ් ගහපු වෙලාවට ඉස්සෙල්ලම කරන්නෙ සින්දු අහන එක.....එතකොත පුදුම විදිහට හිත සැහැල්ලු වෙන්නෙ.පරණ සින්දු වලට තමයි එහෙම කරන්න පුලුවන් අමුතු බලය තියෙන්නෙ.......අලුත් සමහර සින්දු ඒ වගේ....... ඒත් අද කාලෙ ඒ වගේ සින්දු හැදෙනව අඩුයි.
                              ඉස්සර ගොඩාක් සින්දුවල තේරුම පිටින් පෙන දේට වඩ සම්පුර්නයෙන් වෙනස්.........මන් නම් ගොඩාක් ආසයි ඉස්සර සින්දුවල තේරුම්  හොයන්න....ඒ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නම් නෑ.

0 comments:

Post a Comment

කස්සා. Powered by Blogger.