Monday, June 13, 2011

පායා ආ සඳ

පායා ආ සඳ අඳුරු වළාවෙන්
මා ඉදිරියෙ දිම වැසුනා
ශෝකය තාපය පාලුව අතරේ
ඉකිබිඳ හැඬුවා ඇසුනා

 හද විමනේ බිතු සිතුවම්
කිලිටි කලේ ඔබෙ දෑතයි
නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන්
දෑත දෙපය මගෙ සීතයි

ඔබ පැමිණී ඔබම ගියා
නැවතුන තැන මම ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවෙ
කොහෙ සිට හෝ යලි එන්නම්

ගීතය ගායනා කලේ මිල්ටන් මල්ලවාරච්චි ශූරීන්



Music

0 comments:

Post a Comment

කස්සා. Powered by Blogger.