Thursday, June 16, 2011

චන්ද්‍ර ග්‍රහනය අස්සෙ දැක්ක හොල්මන්

ඊයෙ,   ඒ කියන්නෙ ජුනි මාසෙ 15 රෑ. වෙලාව නම්.... 1ට විතර ඇති. එහෙනම් ජුනි 16 වෙනිද පාන්දර නේද......?  ඒ කියන්න අද උදේ.
                       අවුරුදු ගානකට පස්සෙ පූර්න චන්ද්‍ර ග්‍රහනයක් තිබ්බනෙ.නිවාඩු පාඩුවෙ වෙන කරන්න වැඩකුත් නැති නිසා ඉතින් ඒකවත් බලන්න එලි බැස්ස...
 එලි බැස්සට මොකද අහසෙ මොකවත් නෑ...............මන් හිතුව එහෙනම්...... හඳ ඔක්කොම වැහිල මරේ........ මරු වැඩේ..... කියල.ඒත්.... හඳ නැත්නම් තරුවත් පේන්න එපැයි........ම්ම්....ම්ම්ම්....... ටිකක් වෙලා ගියාට පස්සෙනෙ වැඩේ තේරුනෙ.      
                 අහස පුරාවට වළාකුලු......... දැන් මොකක් කරන්නද..........අපි ඉතින් වලක් කැපුවොත් ඒකෙත් ගෙම්බො කීවලු.......ඔන්න ටික වෙලවක් ඉද්දි හොඳ......... හුලන් පාරක් ඇවිත් වළාකුලු ටික එහ මෙහ උනා. 
ෂා............ දැන්නම් ඇත්තටම පෙනුන.......හඳ ඒ වෙලාවෙ පෙනුනෙ තද තැඹිලි පාටයි.... දුඹුරු පාටයි.... වගේ පාටකින්.

               ඔයාල ගූගල්.කොම් ගියානම් ඒකෙ තිබ්බ මූන් ලූනර් එක්ලිප්ස් ගැජ්ට් එකේ හරි මැදට යද්දි පෙනුන වගේ.....මාර...... ලස්සනයි......අමුතුම ග්‍රහ ලෝකයක් වගේ.

                     ඉතින් වළාකුලු ටික ගියාට පස්සෙ කට්ට කලුවරේ තිබ්බ වටපිටාව පෝඩ්ඩක් විතර එලිය වැටුන.........
        ඉතින් අපෙ ගෙදර බැම්ම එහා පැත්තෙ තියෙන්නෙ එහා ගෙදර මැන්ගුස් ගහ............ගහ ගැනනම් කතාකරල වැඩක් නෑ......මැන්ගුස් හැදෙන කාලෙට ගහ ඉතින් අපෙ වගේ තමයි............දැන් මැන්ගුස් ගෙඩි හැදීගෙන එන කාලෙ.

               මං ඉතින් ගහ පැත්ත බැලුව........ගහ මැද හරියෙ අතු අස්සෙ සුදුපාට ඇදුමක් ඇඳගත්තු කවුරුහරි ඉන්නව........හෙල්ලෙන්නෙත් නෑ..........මගෙ මුලු ඇඟම සීතල වෙල ගියා..........පපුව නිකන් කෝච්චියක් වගේ ගැහෙනව..........මට දැන් මැන්ගුස් ගහ පේන්නෙ මහ මූසල පාටට..........කලුවරෙ හරියට පේන්නෙත් නෑ.ඒ මදිවට ගහෙ අතුවලටත් වැහිල..........

                 මට දැන්නම් ඉන්න තැනත් අමතකවෙලා....දැන් ගහ පැත්ත බලන්නත් බෑ වගේ.....නොබලත් බෑ.........මගේ අතේ ෆෝන් එක තිබ්බ..ෆෝන් එකේ ස්ක්‍රීන් එක පොඩ්ඩක් එලියයිනෙ.....මන් ස්ක්‍රීන් එක පැත්ත ගහට අල්ලල බැලුව..............ඒත් පෙන්නෙ නෑ......එලිය මදි.

            මට මොකක් කරන්නද කියල හිතාගන්න බෑ.එතකොට තමා මතක් උනේ ෆෝන් එකෙන් පොටෝ එකක් ගැහුවනම් හරිනෙ කියල......මන් ටක් ගාල පොටෝ එක ගෙහුව.....
.
           අම්මෝ...!!!!!!!!!      ෆ්ලෑෂර් එක වදිදිම මන් දැක්ක මොන යකාද ඉන්නෙ කියල.

       අපොයි දෙයියනේ.....!!!!         වෙසක් කුඩුවක්........ මොනව උනත් දැන් නම් මම දන්නව වෙසක් කුඩුව හොල්මනක් නෙමෙයි කියල..........  මේක මට අත්තටම උන දෙයක්. 


             මහ රෑ 1යි කියන්නෙ...... නිදිමතත් ලාවට වගෙ තියන හිතත් පොඩ්ඩක් ගැස්සෙන වෙලවනෙ......... .මම තියෙන්නෙ මොකක්ද කියල බලන්නෙ නතුව ගියා නම්...... ඩෙෆා........... මට හෙට නූල් බදින්න වෙනව.  තැනට සුදුසු නුවණ තිබුන හින්ද මාව යන්තම් බේරුන  (එහෙම නුවණක් නැති උනත් ඉතින් තියනව වගේ පෙන්නන්න ඕනිනෙ )

                 මොන හොල්මනක් උනත් බයේ හරි බලපු නිසා හොල්මන වෙසක් කුදුවක් කියල දැක්ක............ මේ වගේ බොරු දෙවල් වලට බය වෙලා නූල් බැදපු අය කොච්චර නම් ඇද්ද......??? 

           සමහර වෙලාවට අපෙ ඇසුත් අපිව රවට්ටනවනෙ නේද........???  තනියම ඉන්නෙ මේවගෙ වෙලාවට කලුවරත් එකතු වෙල හිත ගැස්සුනම ආයෙ ඉතින් වෙන මොනත් ඕනෙ නෑ තොවිල‍යක් ඇරෙන්න......... 

අනේ අපොයි...!!!

3 comments:

සුරංගනාවි said...

hehe hali shoi wade :D koma hari oya baya unane :D

කස්සා said...

නෑ ... පික්ෂුද ..... සුරංගනාවියෝ එක්ක ඉද්දි මොන බයක්ද ?

සුරංගනාවි said...

:D ekane

Post a Comment

කස්සා. Powered by Blogger.